හිරවී ඇති සියලු පාස්පෝට් මාසයක් ඇතුළත.!

නිකුත් කිරීමට නියමිත ඉතිරි සියලුම විදේශ ගමන් බලපත්‍ර මාසයක් ඇතුළත නිකුත් කරන බව මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

පසුගියදා පැවැති පාර්ලිමේන්තුවේ මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීමේදී, ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

පැය 24 පුරාම ක්‍රියාත්මක විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාවක් ආරම්භ කර ඇති බවත්, අවශ්‍ය මුද්‍රණ උපකරණ ලබාගත් පසු යාපනයේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යාලයක් ස්ථාපිත කරන බවත්, පළාත් පාලන ආයතන කාර්යාලවල නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව දෙගුණ කරන බවත් ඔහු එහිදී තහවුරු කළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *