ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකාර කාන්තාව සොයා දිවයින පුරා පුළුල් මෙහෙයුමක්.!

කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තුළදී පාතාල කල්ලි නායක ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමට සහාය වු ඉෂාරා සෙව්වන්දි නමැති කාන්තාව අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි පුළුල් මෙහෙයුමක් දියත් කර ඇත.

ගණේමුල්ල සංජිව ඝාතනයෙන් පසුව අවසන් වරට මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේදී වෙඩි තැබීම සිදුකළ ඝාතකයා මුණු ගැසුණු මෙම කාන්තාව ඝාතකයා සමඟ එකම ත්‍රිරෝද රථයක පැමිණ මීගමුව කොප්පරා හන්දිය ප්‍රදේශයේදී ඉන් බැස ගොස් ඇත.

ගිනි අවිය සඟවාගෙන පැමිණ අධිකරණයේදී එය වෙඩික්කරුට ලබාදුන් මෙම කාන්තාව මේ දක්වා රටින් පැනගොස් නැති බවට තොරතුරු ලැබී ඇති බැවින් ඇය අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ මෙහෙයුමක් දියත් කර තිබෙන බව පොලීසිය සදහන් කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *