ගණේමුල්ල සංජීවගේ ඝාතකයාගේ ගමන් බෑගයේ ජීව අත්බෝම්බයක්.!

අලුත් කඩේ අධිකරණ සංකීර්ණයේ සිදුකළ වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගේ ගමන් මල්ලේ තිබී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් පොලිස් බාරයට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ දී අද(21) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

“19 වනදා අලුත්කඩේ අධිකරණයේ සිදුවූ සිද්ධිය ගැන පොලිස්පතිතුමා මා වෙත වාර්තාවක් ලබාදුන්නා. ආරක්ෂක අංශ තොරතුරු හුවමාරු කරගනිමින් විමර්ශන පවත්වාගෙන යනවා.”

“ඝාතනයට අදාළ සමිඳු දිල්ශාන් කඳනාරච්චි (27) නමැති සැකකරු අත්අඩංගුවට ගත්තා.සැකකරු සන්තකයේ තිබූ ජීව අත්බෝම්බයක් සොයාගත්තා.”

“වෑන් රථයේ රියදුරු ලෙස සිටි මහේෂ් සම්පත් (47) නමැති සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.”

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *