පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව සභාගත කරන බව කථානායකවරයා නිවේදනය කළේය.
කථානායකවරයා පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තමා වෙත ලද පැමිණිලි සැළකිල්ලට ගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා තමා විසින් පත් කරන ලද විශේෂ කමිටුවේ වාර්තාව මෙලෙස සභාගත කරන බවය.
නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකරගේ සභාපතිත්වයෙන්, අමාත්‍ය විජිත හේරත්ගේ සහ රංජිත් මද්දුම බණ්ඩාරගේ සාමාජිකත්‍වයෙන් මෙම කමිටුව සමන්විත වූ බවත් කථානායකවරයා නිවේදනය කළේය.
එසේම මෙම වාර්තාව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත යොමු කරන බවත් කථානායකවරයා වැඩිදුරටත් නිවේදනය කළේය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න