කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණය තුළ ගණේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීම සදහා නීතිඥවරයෙකු සහ නීතිඥවරියක් ලෙස වෙස්වලාගත් දෙදෙනෙකු පැමිණි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග සදහන් කළේය.
එලෙස නීතිඥයෙකු ලෙස වෙස්වලාගත් පුද්ගලයා හිස් අතින් අධිකරණය තුළට පැමිණ ඇති බවත් ඉන් අනතුරුව නීතීඥවරිය ලෙස වෙස්වලාගත් කාන්තාව විසින් අපරාධ නඩු විධාන සංග්‍රහය නමින් හැඳින් වෙන පොතතුළ ඉතා සූක්ෂ්ම ආකාරයෙන් පිටු කපා දමා එම රිවෝල්වරය සඟවාගෙන පැමිණ ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.
මෙම වෙඩි තැබීමේදී වෙඩික්කරුට ගිනි අවිය ගෙනවිත් දී ඇත්තේ නීතිඥවරියක ලෙසින් සැරසී පැමිණි කාන්තාවක විසින් වන අතර එම කාන්තාව මීගමුව ප්‍රදේශයේ පදිංචිකාරියක වූ 27 හැවිරිදි දේවගේ ඉෂාරා සෙව්වන්දි වීරසිංහ නමැත්තියක බවට පොලිසිය හඳුනාගෙන ඇත.
එම කාන්තාව මත් කුඩු ජාවාරමට සම්බන්ධ තැනැත්තියක් බවත් සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සමඟ සිටි කාන්තාවකද අත්අඩංගුවට ගෙන ඇතත් ඊයේ රාත්‍රි වන විටත් එම කාන්තාව සැකකරුට වෙඩි තැබීම සදහා ගිනි අවිය ගෙනැවිත් දුන් තැනැත්තිය බවට තහවුරු වී නොතිබිණි.
නීතීඥවරිය ලෙස වෙස්වලාගත් කාන්තාව විසින් අපරාධ නඩු විධාන සංග්‍රහය නමි පොත තුළ ඉතා සූක්ෂ්ම ආකාරයෙන් පිටු කපා දමා එම රිවෝල්වරය සඟවාගෙන එම පොත අධිකරණ සංකීර්ණය තුළදී ඝාතකයාට ලබාදී ඇති බවට කරුණු අනාවරණය කරගෙන ඇත.
ප්‍රතිචාරයක් ලබාදෙන්න