ආරංචි මාර්ග පවසන්නේ ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු යුද හමුදා කර්මාන්ඩෝ සෙබලෙක් හෝ බුද්ධි නිලධාරියෙක් නොවන බවයි.
අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ ගණේමුල්ලේ සංජීව වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලීසිය නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණ මෙම ඝාතනය සිදුකළ පුද්ගලයා පිළිබඳවද මේ වනවිට කරුණු අනාවරණය කරගෙන තිබේ.
ඒ අනුව අදාළ වෙඩික්කරු ඉකුත් මස 7වනදා ගල්කිස්ස, වටරප්පල ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතතය කිරීමට පැමිණි වෙඩික්කරු බව පොලීසිය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් ඊයේ (19) පස්වරුවේ දී අත්අඩංගුවට ගනු ලැබූ ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ගැන කරුණු රැසක් අනවාරණය කරගැනීමට පොලීසිය සමත්ව සිටියි.
ඔහු පිළිබඳ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසා සිටියේ, පුත්තලම පාලවිය ප්‍රදේශයේ අත්අඩංගුවට ගනු ලැබූ මෙම පුද්ගලයා නම් කිහිපයකින් පෙනී සිටි අයෙකු බවයි.
ඔහු සතුව හැඳුනුම්පත් කිහිපයක් තිබෙන බවත්, ඒ අතර නීතිඥවරයෙක් වශයෙන් කටයුතු කරන බවට සකසන ලද නීතිඥ හැඳුනුම්පතක් තිබෙන බවද පැවසීය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න