ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක හෙවත් හරක් කටාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයෙන් පලායාමට අනුබල දුන් රවිඳු සන්දීප ගුණසේකර නමැති පොලිස් කොස්තාපල්වරයා සමඟ ඉන්දිය ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වූ අනෙක් ශ්‍රී ලාංකික සැකකරුවන් දෙදෙනා අද (20) අලුයම මෙරටට රැගෙන එනු ලැබීය.
අදාළ පොලිස් කොස්තාපල්වරයා සහ තවත් සැකකරුවෙකු මෙරටට රැගෙන ආවේ ඊයේයි.
අද අලුයම මෙලෙස ඉන්දියාවේ සිට රැගෙන ආවේ අරෝෂන් මධුෂංක නමැති සැකකරුවෙක් වන අතර, පොලීසිය පැවසුවේ ඔහු සන්ෂයින් සුද්දාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවෙක් බවය.
ඊට අමතරව යුද හමුදා කමාන්ඩෝ බළකායෙන් පළාගොස් ඉන්දියාවේ සැඟව සිටි එරංග පුෂ්පකුමාර හෙට්ටිආරච්චි හෙවත් ශිවා නමැත්තාද ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබීය.
ඔහු දකුණු පළාතේ ඝාතන කිහිපයකටම සම්බන්ධ බවට චෝදනා එල්ල වේ.
මොවුන් දෙදෙනා චෙන්නාහී බස් රථයක ගමන් ගනිමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණි.
ජාත්‍යන්තර පොලීසියේ සහාය මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ රතු නිවේදනය ද නිකුත් කිරීමෙන් අනතුරුවය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න