රනිල්ගේ කොල්ලුපිටියේ සාකච්ඡාවට මෛත්‍රීත් ගිහින්.! අලුත් දීගය ලෑස්තියි.!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13) පස්වරුවේ කොල්ලුපිටිය පෞද්ගලික හෝටලයකදී විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණි.

මෙම සාකච්ඡාව සඳහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද එක්ව සිටීම විශේෂත්වයක් විය.

මීට අමතරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා,උදය ගම්මන්පිල, නිමල් ලන්සා, රාජිත සේනාරත්න, රුවන් විජයවර්ධන, සාගල රත්නායක ඇතුලු පිරිසක් එක්ව සිට ඇත.

පැය දෙකකට ආසන්න කාලයක් මෙම සාකච්ජාව පවත්වා තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *