විදුලි කප්පාදුව ඉවරයි.!

අද (14) සිට දෛනික විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති අමාත්‍යංශය අද පෙරවරුවේ දැනුම්දී අත.

ඒ, අක්‍රීයව තිබූ නොරොච්චෝලේ බලාගාරයේ තත්ත්වය ක්‍රියාකාරී මට්ටමට ළඟාවීමත් සමගිනි.

බිඳවැටුණු නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනෙන් එකක් මේ වනවිට ජාතික විදුලිබල පද්ධතියට යළි එක්කිරීමට හැකිවී ඇති අතර, ඉන් ජාතික පද්ධතියට ලැබෙන විදුලි ප්‍රමාණය මෙගාවොට් 300කි.

පසුගිය ඉරිදා ජාතික විදුලි පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාව මත නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනම අක්‍රිය වී තිබුණි.

කෙසේවෙතත් මේ වනවිට අඛණ්ඩ විදුලි සැපයුමට මතුවී තිබූ බාධා මගහරවා ගනිමින් කටයුතු කරමින් ඇති නිසා අද සිට දෛනික විදුලි කප්පාදුව සිදුනොකිරීමට තීරණය කර තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *