බස්නාහිර පළාත් සභාවට අයත් සියලු රෝහල්වල පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් අද (21) දිනයේ සිට අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.
ඒ බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය අත්තනෝතික ලෙස ක්‍රියා කරන බව පවසමිනි.
ඒ අනුව අද උදෑසන 8.00 සිට මෙම වැඩ වර්ජනය ආරම්භ කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම පැවසුවේය.
අදාළ අධ්‍යක්ෂවරියගේ ක්‍රියාකලාපයන්ට විරෝධය පල කරමින් ඊයේ (20) දිනයේ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරනු ලැබීය.
සිය ඉල්ලීම්වලට බලධාරින්ගෙන් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් අද දිනයේ බස්නාහිර පළාත් සභාවට අයත් රෝහල් 31ක මෙම වර්ජන ක්‍රියාමාර්ගය සිදුකරන බව චානක ධර්මවික්‍රම පවසයි.
මේ අතර තැපැල් වෘත්තීය සමිති ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය අද සිව්වන දිනටත් ක්‍රියාත්මක වේ.
ඉල්ලීම් 19ක් මුල් කරගනිමින් පසුගිය 17 වන දින මධ්‍යම රාත්‍රී සිට තැපැල් වෘත්තීය සමිති දිවයිනේ සියලු තැපැල් කාර්යාලවල වැඩවර්ජනය ආරම්භ කරනු ලැබීය.
වර්ජනය හේතුවෙන් තැපෑල මඟින් සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි අසීරුතාවට පත්වුණි.



ප්‍රතිචාරයක් ලබාදෙන්න