අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු අද අධිකරණයට.!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (21) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් මිරිහානේ පිහිටි දේශබන්දු තෙන්නකෝන්ට අයත් පෞද්ගලික නිවසේ දී ඊයේ (20) දිනයේ දී ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.

2022 වසරේ මැයි 9 වන දින ගාලු මුවදොර අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළ විමර්ශනවලට අනුව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එහි සැකකරුවෙකු ලෙස නම්කර තිබීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සඳහන්ය.

සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහු විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබූ අතර එය අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *