නව පර්යේෂණ සහ සංවර්ධන ජාතික ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට විශේෂ සාකච්ඡාවක්.!

පර්යේෂණ සහ සංවර්ධන ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම සදහා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට රජය සැළසුම් කර තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලය සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය එක්ව එය සංවිධානය කර ඇති අතර ඉදිරි සතියේදී එම සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙරට පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සදහන්ය.

නව පර්යේෂණ සහ සංවර්ධන ජාතික ප්‍රතිපත්තියක් කෙටුම්පත් කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති අතර විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය, ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිසමේ සභාපති මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු දෙස් විදෙස් විශේෂඥයින්, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිකයන් සහ ව්‍යවසායකයන් ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත කණ්ඩායමක් මේ සඳහා සම්පත්දායකත්වය ලබා දී ඇත.

මේ සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය සහ පෞද්ගලික පර්යේෂණ ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විශ්වවිද්‍යාල ප්‍රජාව සහ විවිධ ක්ෂේත්‍රවල විශේෂඥයින් මෙම රැස්වීම් සඳහා සහභාගී වීමට නියමිත අතර සියලු අංශවල අවශ්‍යතා සහ අපේක්ෂා මෙම පර්යේෂණ සහ සංවර්ධන ජාතික ප්‍රතිපත්තියට අන්තර්ගත කර ගැනීම එහි අරමුණ වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *