එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගෙන් රජයට පැසසුම්.!

ප්‍රජාවන් එක්සත් කිරීමේ, විශ්වාසය ගොඩනැගීමේ සහ සංහිඳියාව ඇති කිරීමේ ක්‍රියාවලිය සැබවින්ම දුෂ්කර කාර්යයක් බවත් බොහෝ ජාතීන් ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරන ගෝලීය සන්දර්භයක් තුළ ශ්‍රී ලංකාවේ සාධනීය උත්සාහයන් ඇගයීමට ලක්කරන බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත ඒ මහතා ඊයේ (24) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවූ අවස්ථාවේදී මේ බව පවසා ඇත.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට මහ කොමසාරිස්වරයා උණුසුම් ලෙස පිළිගත් කථානායකවරයා ශ්‍රී ලංකාවේ මෑතකදී පැවති මැතිවරණ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලින් තොරව නිදහස්, සාධාරණ සහ සාමකාමී ආකාරයකින් පැවැත්වූ බව පවසා ඇත.

එමෙන්ම එය ජනතාව බෙදීමට ලක්කරන වාර්ගික දේශපාලනය දැඩි ලෙස ප්‍රතික්ෂේප කිරීම පිළිබිඹු කරන බවත් කථානායකවරයා අවධාරණය කර තිබේ.

සැබෑ සංහිඳියාව සෑම පුද්ගලයෙකුගේම හදවතින් ආරම්භ විය යුතු බවත්, ජනතාව විසින් ලබා දී ඇති ජනවරම තුළින් සංහිඳියාව සඳහා ඔවුන්ගේ අභිලාෂය පිළිබිඹු කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

ප්‍රජාවන් අතර අර්ථවත් සංහිඳියාවක් ඇති කිරීමට, අල්ලස හා දූෂණය මුලිනුපුටා දැමීමට සහ ප්‍රජාතන්ත්‍රවාදය සහ විනිවිදභාවය ආරක්ෂා කිරීමට වත්මන් රජය කැපවී සිටින බව කථානායකවරයා තවදුරටත් එහිදී සඳහන් කර තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *