ඇමරිකානු ඩොලර් මිලියන 110 ක කිරි ගව ආනයන වංචාවකට හිටපු ජනාධිපතිවරුන් කිහිපදෙනකු සහ හිටපු අමාත්‍යවරුන් කිහිපදෙනකු සම්බන්ධ බව හෙළි වී ඇතැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.
හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ යන අයද, හිටපු අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, පී. හැරිසන්, විජිත් විජිතමුණි ද සොයිසා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ලක්ෂ්මන් වසන්ත පෙරේරා ද ඒ අතර වේ.
කිරි ලබාගැනීම සඳහා ගවයන් ආනයනය කිරීමේ මුවාවෙන් නුසුදුසු මට්ටමේ ගවයන් ආනයනය කර ඇති බව ඔහු හෙළිකළේය.



ප්‍රතිචාරයක් ලබාදෙන්න