විදෙස්ගත ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පාතාල කල්ලි නායකයන්, සංවිධානාත්මක අපරාධකරුවන් අන්තර්ජාතික පොලීසිය (ඉන්ටර්පෝල්) මඟින් නිකුත් කරන රතු වරෙන්තු යටතේ මෙරටට ගෙන්වාගෙන, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විදේශ අමාත්‍යාංශයේද සහය ඇතිව මේ වන විට කටයුතු සම්පාදනය වෙමින් පවතින බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධරයෙක් සඳහන් කරයි.
විදෙස්ගත ශ්‍රී ලාංකික අපරාධකරුවන් 167 දෙනකුට අන්තර්ජාතික පොලිසිය ඔස්සේ මේ වන විට රතු වරෙන්තු නිකුත් කර ඇති බව දැන ගන්නට ඇති අතර, මේ අපරාධකරුවන් මේ වන විට ඩුබායි, ඉන්දියාව, ඉතාලිය, ප්‍රංශය ඇතුළු රටවල රැඳී සිටින බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න