නිදහස් දිනයට පොලිසියෙන් 1650ක්.!

නිදහස් දින සමරුම් ප්‍රධාන උත්සවයේ හා පෙරහුරුවල ආරක්ෂාව සඳහා පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් 1,650ක් අනියුක්ත කර තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ, රථවාහන ගමනාගමනයට හා මගී ජනතාවට බාධා නොවන අයුරින් පෙරහුරුව සහ ප්‍රධාන උත්සවය පැවැත්වීමට විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක බවයි.

ඒ අනුව නිදහස් දින සැමරුම් පෙරහුරුව වෙනුවෙන් අද දිනයෙත් කොළඹ නිදහස් චත්‍රරස්‍රය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙයි.

උදෑසන 6.00 සිට දහවල් 12.00 දක්වා එම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මකයි.

එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය ජනතාවට දැනුම් දෙයි.

77 වැනි ජාතික නිදහස් දින සැමරුම ලබන 4 වැනිදා, ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *