පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් එන්.ආර්.කන්සල්ටන්සි නමැති සමාගමේ ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කලේ යැයි කියන පැමිණිල්ල මත පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සිවු දෙනෙකුට එරෙහි නඩුව අගෝස්තු 07 වැනි දින යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අද (13) නියම කළාය.
එහිදී සැකකරුවන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, නිත්‍යා සේනානි සමරනායක, සුජානි බෝගොල්ලාගම, සුදර්ශ බංඩාර ගනේගොඩ, යන අය අධිකරණය හමුවේ පෙනී සිටියහ.
මිලියන 15 මුදලක් සාපරාදී සාවද්‍ය පරණ හරණය කර මුදල් විශුද්ධිකරණය කළ බව සඳහන් කරමින් 2015/7/28 දූෂණ විරෝධි හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව මෙහි විමර්ශන ආරම්භ කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු සැකකරුවන් අද මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය පෙනී සිටි නමුත් විමර්ශන සම්බන්ධයෙන් උදෘත නීතිපතිවරයාට යොමු කර ඇතත් මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නොමැති බව රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.
ඒ අනුව කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය නීතිපති උපදෙස් අගෝස්තු මස 7වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියම කළ අතර එදිනට විමර්ශන කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් නියෝග කළාය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න