ඉන්දියාවේ අදානි ග්‍රීන් එනර්ජි සමාගම ශ්‍රී ලංකාවේ ඇමරිකානු ඩොලර් බිලියනයක සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
බොහෝ අනුමැතීන් ලබාගෙන තිබුණද, සමාගම නොවිසඳුණු පාරිසරික නිෂ්කාශනය සහ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවක් ඇතුළු ප්‍රමාදයන්ට මුහුණදී සිටී.
නව කමිටුවක් කොන්දේසි නැවත සාකච්ඡා කිරීමට නියමිත බැවින්, අදානි ග්‍රීන් “ගෞරවනීය ලෙස ඉවත් වීමට” ගත් තීරණය ශ්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩලයට (BOI) දැනුම් දී ඇති බව ද සඳහන්ය.
කෙසේවෙතත්, අනාගත සහයෝගීතාවන් සඳහා සමාගම ශ්‍රී ලංකාවට විවෘතව සිටින බවත් දැනගන්නට ලැබේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න