හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුලසිංහම් තිලීපන් තමිල්නාඩු පොලිසිය විසින් ඊයේ දින අත්අඩංගුවට ගෙන තිබේ.
ශ‍්‍රී ලංකාවේ සිට චෙන්නයි වෙත ගොස් වෙනත් ගුවන් ගමන් බලපත්‍රයක් යොදාගෙන යුරෝපා රටකට යාමට උත්සාහ කරද්දී මෙම අත්අඩංගුවට ගෙන ඇත.
මෙරට අධිකරණය විසින්ද ඇපමත මුදාහැර සිටි ඔහු තමිල්නාඩු පොලිසිය විසින් කේරළ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
හිටපු මන්ත‍්‍රීවරයා මීට දින කිහිපයකට පෙර ඉඩම් ගණුදෙනුවක් සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කර ඇත.
ඒ අදාල පුද්ගලයෙකුගෙන් ලබා ගත් බව කියන රුපියල් ලක්ෂ තිහක මුදල වාරික තුනකින් අවසන් කරන ලෙස නියෝග කරමිනි.
නමුත් නියෝගයට අනුව මුදල් නොගෙවා ඔහු යුරෝපා රටකට යාමට උත්සාහ කළ අවස්ථාවේදී මෙලෙස තමිල්නාඩු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න