ඉන්ධන බදු සහන ඉක්මනින්ම.!

ඉන්ධන සඳහා පනවා ඇති බදු නිශ්චිතවම ඉදිරියේදී අඩු කරන බව ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) පැවසීය.

පසුගිය කාලයේදී ඛනිජ තෙල් සංස්ථාව පාඩුවට පත් කළ ආකාරය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරියේදී ඉදිරිපත් කරන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර වාචිකව ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

ගෙවල්වල විදුලි බිල්, ජල බිල් ගෙව්වේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් වන ලැයිස්තුවක් ද ඉදිරියේදී ඉදිරිපත් කරන බව ඇමැතිවරයා පැවසුවේය. ප්‍රෙමියම් ඩොලර් 37 සිට අඩු කර ගත් ආකාරය සම්බන්ධයෙන් ද පිළිතුරු ලබාදෙන්නේ යැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *