තංගල්ල, මිද්දෙණියේ වෙඩි තැබීමක්… තාත්තයි හය හැවිරිදි දුවයි මරුට.!

තංගල්ල, මිද්දෙණිය කඩේ වත්ත මංසන්ධියේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු හා ඔහුගේ දියණිය මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, අදාළ පුද්ගලයා සිය දියණිය හා පුත්‍රයා සමග ඊයේ (18) රාත්‍රී 10.15 ට පමණ යතුරු පැදියකින් යමින් සිටියදී නාඳුනන පිරිසක් විසින් වෙඩි තැබීම කර ඇති බවයි.

වෙඩි තැබීමෙන් 39 හැවිරිදි පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් තිබේ.

තුවාල ලැබූ ඔහුගේ දියණිය තංගල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර පුත්‍රයා ඇතුළත් කර ඇත්තේ, ඇඹිලිපිටිය රෝහලටයි.

6 හැවිරිදි දියණිය රෝහලේදී මියගොස් ඇත.

T 56 ගිනි අවියකින් වෙඩි තැබීම කර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *