වසීම් තාජුඩීන් ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී ප්‍රගීත් එන්නැලිගොඩ අතුරුදන් කරවීම ඇතුළු පසුගිය කාලයේ සිදු වූ මනුෂ්‍ය ඝාතනවලට අදාළ අවසන් නොවූ විමර්ශන යළි ආරම්භ කර කිසිදු දේශපාලන මැදිහත් වීමකින් තොරව ඒවා කරගෙන යන බවට තමා සහතික වෙන්නේ යැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
ඇතැම් විමර්ශන මේ වන විටත් ආරම්භ කර ඇතැයි ද සමහර ඒවා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇතැයි ද කී අමාත්‍යවරයා පසුගිය කාලයේදී යට ගිය සියලු අපරාධ සම්බන්ධ විමර්ශන ආරම්භ කර වරදකරුවන් නීතිය හමුවට ගෙන එන බව සපථ කළේය.
මේ සියලු විමර්ශන කරන්නේ දේශපාලන වුවමනා එපාකම් මත නොවන බවත් අපරාධ හා මූල්‍ය අපරාධ සිද්ධි සම්බන්ධ විමර්ශන සියල්ල කිසිදු දේශපාලන මැදිහත් වීමකින් තොරව කරගෙන යන බවත් ඔහු කීවේ ය.
– උපුල් වික‍්‍රමසිංහ
ප්‍රතිචාරයක් ලබාදෙන්න