ආශුව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් පන්නලා.!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ එජාප කෘත්‍යධිකාරී මණ්ඩලයෙන් ඉවත් කොට ඇති බව වාර්තා වේ.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා 2025 වසර වෙනුවෙන් ඔහුගේ නම කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඇතුළත් කර නොමැති බවය.

මහ මැතිවරණයට පෙර සිටම එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගය පක්ෂය සමඟ එකට එක්විය යුතු යයි තමන් ඇතුළු පක්ෂයේ පිරිසක් දැඩි ස්ථාවරයක සිටි බවත් රනිල් වික්‍රමසිංහ මහතාට සමීප පක්ෂයේ කිහිපදෙනෙකු එයට දැඩි ලෙස විරුද්ධ වූ බවත් ඔහු මෙම සාකච්ඡාවේදී හෙළි කර ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *