පාතාලය ඉවරයක් කරන්න පළාත් මට්ටමින් අපරාධ කොට්ඨාස පිහිටුවයි.!

පළාත් මට්ටමින් අපරාධ කොට්ඨාස ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

ඒ සඳහා කඩිනමින් කටයුතු කරන අතර ඊට අදාළ කැබිනට් පත්‍රිකාවද මේ වන විටත් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවත් අමාත්‍යවරයා පවසයි.

මෙලෙස පළාත් මට්ටමින් අපරාධ කොට්ඨාස ස්ථාපිත කිරීමේ අරමුණ වී ඇත්තේ අපරාධ මැඩපැවැත්වීම හා විමර්ශන විධිමත් කිරීම සඳහා වන අතර එම කොට්ඨාස පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ඒ අනුව බස්නාහිර හා දකුණු පළාත් වලට අමතරව අපරාධ කොට්ඨාස ස්ථාපිත කර ඇති අතර කැබිනට් අනුමැතිය හිමිවිමෙන් පසු සෙසු සියලු පළාත් සඳහා ද එම කොට්ඨාස ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *