හොර වාහන මගඩියකට ශ්‍රීලනිප හිටපු මන්ත්‍රීගේ පියා අත්අඩංගුවට.!

ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරයකුගේ පියකු ලක්ෂ 150ක් පමණ වටිනා ප්‍රාඩෝ වර්ගයේ ජිප් රථයකට අත්ට්‍රැක්ටරයක ලියාපදිංචි අංකයක් යොදා භාවිතා කිරීමේ වරදට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දෙසැම්බර් (26) වැනිදා මීරිගම පොලිස් බල ප්‍රදේශයේදී එම ජිප් රථය අත්අඩංගුවට ගෙන මීරිගම පොලිස් ස්ථානයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජිප් රථයේ මුල් ලියාපදිංචි අයිතිකරු හා දෙවැනි ලියාපදිංචි අයිතිකරු කොළඹ සහ නාරහේන්පිට ප්‍රදේශවල පදිංචිකරුවන් බවටත් ව්‍යාජ ලිපින හා පුද්ගල නාම භාවිත කර ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ජිප් රථය ලියාපදිංචි කර ඇති බවද අනාවරණය වී ඇත.

සැකකාර පුද්ගලයා වාහන අලෙවි ව්‍යාපාරයක් පවත්වාගෙන යන අතර නීති විරෝධී ආකාරයෙන් මෙරටට කොටස් වශයෙන් ආනයනය කරන ලද රථයකට අන්ත්‍රැක්ටරයක ලියාපදිංචි අංකයක් යොදා කූට ලේඛන උපයෝගී කර ගනිමින් මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දත්ත වෙනස් කර මෙම වංචාව කර ඇති බව විමර්ශන වලදී අනාවරණය වී ඇත.

පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මීට පෙර විමර්ශනය කර අනාවරණය කරගත් වාහන 404කට අදාළ ලේඛන සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන ජාවාරම්කරු සැකකරුගේ සහෝදරයා වන බවයි පොලිසිය සදහන් කරන්නේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *