අසිරිමත් නත්තල උදාවීමට ඇත්තේ තවත් පැය කිහිපයක් පමණකි.
උදාවන නත්තල පිළිගැනීමට දිවයිනේ බොහෝ ප්‍රදේශ සූදානම් වෙමින් සිටින අතර, නත්තල සඳහා මෙන්ම උදාවන නව වසර සඳහාද ජනතාව මේ වන විට ලහි ලහියේ සූදානම් වෙමින් සිටිති.
මේ අතර, ජනාධිපති කාර්යාලය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක් ව ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ වාර්ෂිකව සංවිධානය කරනු ලබන විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රසංගය 22 දා කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
ජනාධිපති කාර්යාල පරිශ්‍රය හා ඒ අවට ප්‍රදේශය විදුලි පහන් ආලෝකය දල්වා නත්තල් කැරොල් ගී ප්‍රසංගයේ සමාරම්භය සනිටුහන් කෙරුණ අතර, ඊයේ දින නත්තල් කැරෝල් ගී ප්‍රසංගය ශ්‍රී ලංකා යුද හමුදාවේ ගීතිකා සහ වාද්‍ය කණ්ඩායම් විසින් ඉදිරිපත් කරනු ලැබීය.
මෙම නත්තල් කැරොල් ගී ප්‍රසංගය දෙසැම්බර් 25 වැනිදා තෙක් දිනපතා රාත්‍රී 7.00 සිට ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න