ජනවාරි 10 දක්වා සහල් ආනයනයට කැබිනට් අනුමැතිය

සහල් ආනයනය ප්‍රසම්පාදනය සඳහා වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

වෙළඳපළේ පවතින සහල් හිඟය වෙනුවෙන් සහල් ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලය පසුගිය දා තීරණය කර තිබූ අතර ඒ අනුව සහල් මෙට්‍රික් ටොන් හැත්තෑ දහසක් ආනයනය කිරීමට පියවර ගෙන තිබිණි.

පෞද්ගලික අංශයට සහල් ආනයනය සඳහා ලබා දී තිබූ කාලය දෙසැම්බර් 20 වැනිදායින් අවසන් වූ අතර පවතින තත්ත්වය සමාලෝචනය කිරීමෙන් පසු කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ පෞද්ගලික අංශය සඳහා සහල් ආනයනය සඳහා දී තිබූ අවසරය 2025 වසරේ ජනවාරි 10 වැනිදා දක්වා දීර්ඝ කිරීමටය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *