ආණ්ඩුව නැගෙනහිර පළාතේ දැවැන්ත සංවර්ධනයකට මුලපුරයි…

ඉන්දියාව සහ මෙරට අතර ද්විපාර්ශික සහයෝගීතාවය ශක්තිමත් කිරීම සඳහා වන ව්‍යාපෘතියක් සඳහා වූ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා වූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මෙම කැබිනට් පත්‍රිකාව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අතර ඒ මගින් රුපියල් මිලියන 2371 ප්‍රධානයක් නැගෙනහිර පළාතේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා දීමට නියමිතය.

ඒ අනුව අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය, වාරිමාර්ග, සංචාරක ව්‍යාපාරය සහ ප්‍රජා සවිබල ගැන්වීම් යන අංශ මෙම ව්‍යාපෘතිය හරහා අවදානය යොමු කිරීමට බලාපොරොත්තු වේ.

ඒ අනුව අධ්‍යාපනය සඳහා රුපියල් මිලියන 315ක්, සෞඛ්‍ය සඳහා රුපියල් මිලියන 780ක්, කෘෂිකර්මාන්තය සඳහා රුපියල් මිලියන 620ක්, ධීවර කර්මාන්තය සඳහා රුපියල් මිලියන 230ක් ඇතුළුව ව්‍යාපෘති 33ක් සඳහා ඉන්දියානු රජය රුපියල් මිලියන 2371ක පිරිනැමීමට බලාපොරොත්තු වේ.

Spread the news

Comments

“ආණ්ඩුව නැගෙනහිර පළාතේ දැවැන්ත සංවර්ධනයකට මුලපුරයි…”ට එක් ප්‍රතිචාරයක්

  1. අපි ලබාගත් බලය රැකගත යුතුයි. ඒ වගේම ඉන්දියාවත් සමඟ ඉතා ප්‍රවේශමෙන් ගණුදෙනු කලයුතු බව මගේ අදහසයි. ඉන්දියාව කියන්නෙම කපටි දේශපාලකයෙක් බව මගේ අදහසයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *