අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් පුද්ගලයින් 763ක් අත්අඩංගුවට.

අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් ඊයේ (09) දිනයේදී පුද්ගලයින් 28,837ක් පරීක්ෂාවට ලක් කළ බව පොලීසිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුවේ එම සෝදිසි මෙහෙයුම් මගින් සැකපිට පුද්ගලයින් 763 දෙනෙකුද අත්අඩංගුවට ගත් බවය.

එහිදී අපරාධ සම්බන්ධයෙන් සෘජුව පුද්ගලයින් 27ක් හඳුනාගත් බවත් පොලීසිය සඳහන් කළේය.

එමෙන්ම මෙහෙයුම මගින් වරෙන්තුකරුවන් 240ක්ද විවෘත වරෙන්තුකරුවන් 165ක්ද පොලීසිය විසින් මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

තවද අදාළ සෝදිසි මෙහෙයුම් මගින් බීමත් රියදුරන් 132ක් සහ අපරික්ෂාකාරීව රිය පැදවීම් යටතේ පුද්ගලයින් 78ක්ද අත්අඩංගුවට පත්ව ඇත.

එමෙන්ම අදාළ මෙහෙයුම් මගින් රථවාහන වැරදි සම්බන්ධව පුද්ගලයින් 4,579කට නීතිමය පියවර ගැනීමටද පොලීසිය කටයුතු කර තිබේ. 

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *