ආර්ථික සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සංවාදයක් චීනයේ දී

චීන විදේශ අමාත්‍යංශය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කාර්යාලය ඊයේ(09) ඒකාබද්ධව සංවිධාන කළ සංවාදය සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා ලිඛිත දේශනයක් පවත්වා තිබේ.

සැබෑ බහුපාර්ශ්විකවාදය අනුගමනය කරමින් එක් එක් රටවලට උචිත පරිදි තෝරා ගත් මානව හිමිකම් සංවර්ධන කටයුතු සඳහා ගරු කළ යුතු බවත්, සමගිය හා සහයෝගිතාව තහවුරු කරමින්, සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වඩා වැඩි අනුබල දීම ප්‍රවර්ධනය කිරීමට සංවර්ධිත රටවල් ක්‍රියා කළ යුතු බවත් ඔහු එහිදී පවසා ඇත.

ගෝලීය මානව හිමිකම් ව්‍යායාමයේ විධිමත් මෙන්ම තිරසර සංවර්ධනය පෙළඹවීම සඳහා එක් එක් රටවල් හා එක්සත් ජාතීන්ගේ ආයතන සමග එක්ව කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින බවද වං යී මහතා මෙහිදී පවසා තිබේ.

කොංගෝව, අයිවරි කෝස්ට් රාජ්‍යය, මොරිටේනියාව සහ යේමනය ඇතුළු රටවල් හා කලාපීය සංවිධාන 50 කට ආසන්න අමාත්‍යවරුන්, නියෝජිතවරුන්, එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කාර්යාලයේ නියෝජිතවරු ඇතුළු පිරිසක් මෙම සංවාදයට සහභාගී වී ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *