පසුගිය 2020 වසරේ ඔක්තෝබර් මස සීනි ආනයනය කිරීමේදී කිලෝ එකක් සඳහා පනවා තිබූ රුපියල් 50ක විශේෂ බද්ද ශත 25 දක්වා අඩුකිරීමෙන් පසුව එක්තරා සමාගමක් සීනි මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිපන්දහසක් ආනයනය කිරීමෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් කෝටි 1590කට අධික මුදලක් අහිමි විය.
ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ සඳහා ප්‍රකාශ සටහන් කරගැනීමට හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට කැඳවා ඇති බවත්, මේ විට ඒ මහතාගෙන් අදාළ වංචාව පිළිබඳ ප්‍රශ්න කරමින් පවතින බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
මූලාශ්‍ර – දිනමිණ
ප්‍රතිචාරයක් ලබාදෙන්න