තෙල් මිල අඩුකළොත් සමාගම්වලට අලාභ ගෙවන්න, පසුගිය ආණ්ඩුව ඇටවූ උගුල ගැන තෙල් සභාපති හෙළිකරයි…

මෙරටට මෙරටට ඉන්ධන ගෙන්වන වෙනත් සමාගම් සමඟ පසුගිය රජය එකඟ වූ ගිවිසුම් හේතුවෙන් තෙල් මිල අඩු කිරීමට ගැටලුවක් වී ඇති බව ලංකා කණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා පවසයි.

පසුගිය රජය එළැඹි ගිවිසුම අනුව රජය විසින් ඉන්ධන මිල සූත‍්‍රයට පිටින් තෙල් මිල තීරණය කර එම සමාගම්වලට අලාභයක් සිදුවන්නේ නම් එම අලාභය රජය විසින් ගෙවීමට බැඳී සිටින බව බව සඳහන් වන්නේ යැයි ද ඔහු පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවේදී ඔහු මෙම අදහස් පළ කළේය.

ඉන්ධන මිල සූත්‍රයට අනුව තීරණය වන මිලට වඩා රජය වෙනස් මිලක් නියම කර එමඟින් එම සමාගම් වලට පාඩුවහොත් මෙම අලාභය ගෙවීමට එකඟ වී ඇති බවත් එක් සමාගමක් මේ වන විටත් සිදුවූ අලාභයක් සම්බන්ධයෙන් අලාභ ඉල්ලා අමාත්‍යාංශයට ලිපියක් එවා ඇති බවත් ඔහු කියා සිටියේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *