ජනපති අනුර සහ අගමැති මෝදි ද්විපාර්ශවික සාකච්ඡාවක…

ඉන්දීය සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්විපාර්ශවික සාකච්ඡාවක් නවදිල්ලියේ පිහිටි හයිද්‍රාබාද් මැදුරේ දී පැවැත්වුණි.

ඒ අවස්ථාවට දෙරටේ විදේශ අමාත්‍යවරුන් වන විජිත හේරත් සහ ආචාර්ය එස්. ජයිශංකර් මහතා ඇතුළු පිරිසක් එක්වූහ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහභාගි වන ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද පැවැත්වුනු අතර, මෙහිදී එම මාධ්‍ය හමුව අමතමින් ජනාධිපති අනුර කුමාර මහතා පැවසුවේ, තමාගේ ඉන්දීය සංචාරය දෙරට අතර සහයෝගය වර්ධනය කිරීම සඳහා උපකාරි වනු ඇති බවයි.

එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙස ආරාධනා කළ බව ද ජනාධිපතිවරයා පැවසීය.

මෙහිදී ජනාධිපතිවරයා අදහස් දක්වමින් පැවසුවේ මීට වසර දෙකකට පෙර ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන් බවත් එම තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ඉන්දියාව මහත් සහයෝගයක් ලබා දුන් බවය.

ඉන්දියාවේ රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේදී අති විශාල සාර්ථකත්වයක් ලඟා කර ගෙන ඇති අතර ශ්‍රී ලංකාවද එම මාර්ගයේ ගමන් කරමින් සිටින බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම උත්සාහයට ශ්‍රී ලංකාවට සිය සහයෝගය ලබා දෙන බවට තමාට පොරොන්දු වූ බවත් ජනාධිපතිවරයා පවසයි.

තවද රටවල් දෙකටම වංගතයක් බවට පත්ව ඇති ධීවර ප්‍රශ්නයට කල් පවත්නා සහ තිරසාර විඳුමක් සෙවීමට අවශ්‍ය බවත් එම ධීවර කලාපයන් තුළ ධිවරයන් නීති විරෝධි ක්‍රම භාවිත කරන බැවින් එම තත්ත්වයන් හේතුවෙන් ධීවර කර්මාන්තය විනාශයට පත්වන බවත් එය අවසන් කිරීමට පියවර ගන්නා ලෙස තමන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

එමෙන්ම ඉන්දියාවේ ආරක්ෂාවට සහ කලාපයේ ස්ථාවරයට හානි වන අයුරින් ශ්‍රී ලංකා භූමිය යොදාගැනීමට කිසි විටෙකත් ඉඩ ලබා නොදෙන බව තමාත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

එහි දර්ශන පහළින් දැක්වේ…

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *