බොරු හැඳුනුම්පත් අංක දී හමුදා රෝහලෙන් බෙහෙත් ගත් අයගේ ලැයිස්තුව එළියට.!

බොරු හැඳුනුම්පත් අංක ඉදිරිපත් කර හමුදා රෝහලෙන් විශාල වශයෙන් ඖෂධ ගත් අයගේ ලැයිස්තුවක් රජය විසින් ළඟදී අනාවරණය කිරීමට නියමිත බව වාර්තා වේ.

මේ ගැන දැනට විමර්ශනය කරගෙන යන අතර ඒ අනුව අනාවරණය වන තොරතුරු ඉදිරියේ දී රටට අනාවරණය කිරීමට රජය සූදානමින් සිටින බවත් වාර්තා වේ.

මීට අමතරව පසුගිය රජය සමයේ බාර් පර්මිට් දුන් අයගේ ඥාති සම්බන්ධතා සහ එම ඇතැම් පර්මිට් ලබාදීම සඳහා අතයට හුවමාරු වූ මුදල් ගැන ද රජය විමර්ශනය කරගෙන යන බව රජයේ ආරංචි මාර්ගවලින් තවදුරටත් සඳහන් කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *