ගජේන්ද්‍රකුමාර් අධිකරණ තීන්දුවට පිටින් ගිහින්.. සිතාසි යවයි.!

හෙට (14) මල්ලාකම් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාට සිතාසියක් යවා ඇත.

අධිකරණ නියෝග නොතකා යාපනයේදී විරෝධතාවයක් සංවිධානය කිරීමේ හේතුවෙන් මෙලෙස සිතාසි යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

මන්ත්‍රීවරයාගේ මූලිකත්වයෙන් පිරිසක් යාපනයේ කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරස්ථානය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවට කන්කසන්තුරේ පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම අධිකරණ නියෝගය ලබා ගෙන තිබුණි.

එහි සඳහන් වූයේ විහාරස්ථානය අයත් ග්‍රාම සේවා වසම තුළ කිසිදු ආකාරයක විරෝධතාවයක් නොපවත්වන ලෙසයි.

ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාට එම ප්‍රදේශයට ඇතුළු වීමද තහනම් කොට තිබියදී ඔහු පිරිසක් සමග පැමිණ කළු කොඩි ඔසවා තිස්ස විහාරය ඉදිරිපිට විරෝධතවයක් පවත්වා තිබුණි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *