ළඟදීම හයිවේ එකේ කඩවත ඉඳන් කුරුණෑගලට කෙළින්ම යන්න පුලුවන්.!

නතර කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදිරයේ ඉදිකිරීම් ඉදිරි මාස දෙක තුළ ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ඊට අදාළ ණය වාරිකය සඳහා චීන එක්සිම් බැංකුවේ අනුමැතිය අපේක්ෂාවෙන් සිටින බවයි.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ චීන නිල සංචාරය අතරතුර පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස එහි ඉදිකිරීම් යළි ආරම්භ කෙරෙන බව ඔහු සඳහන් කරයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන්නේ, කඩවත සිට මීරිගම දක්වා කොටසයි.

එම කොටසේ දිග කිලෝමීටර 37කි.

එහි ඉදිකිරීම්වලින් 20% ඉක්ම වූ කොටසක ඉදිකිරීම්, මේ වනවිට අවසන් කර තිබේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වැනි අදියරේ ඉදිකිරීම් ද කඩිනම් කර ඇතැයි ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු අනුරාධ හෙට්ටිආරච්චි සඳහන් කරයි.

ඔහු පැවසුවේ, 2026 වසර වනවිට එය ජනතා අයිතියට පත් කිරීමට අපේක්ෂා කරන බවයි.

පොතුහැර සිට ගලගෙදර දක්වා කොටස මධ්‍යම අධිවේගී මාර්ගයේ, තුන්වැනි අදියරට අයති.

එහි දිග, කිලෝමීටර 32.5 කි.

එම කොටසේ ඉදිකිරීම් සිදුවන්නේ, දේශීය ඉංජිනේරුවන්ගේ දායකත්වයෙන් සහ දේශීය අරමුදල්වලිනි.

එහි පළමු අදියර ලෙස කිලෝමීටර් 13.5ක දුරකින් සමන්විත පොතුහැර සිට රඹුක්කන දක්වා කොටස පළමුව ජනතා අයිතියට පත් කෙරෙන බව අනුරාධ හෙට්ටිආරච්චි සඳහන් කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *