මුදල් විශුද්ධිකරණ චෝදනාවක් සම්බන්ධයෙන් යුවරාජ් සිංගෙන් ප්‍රශ්න කෙරෙයි.

ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිංගෙන් අද දින (23) මුදල් විශුද්ධිකරණ චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.එරට වාර්තා පවසන්නේ ඔන්ලයින් ඔට්ටු ඇල්ලීමේ යෙදුමක් සම්බන්ධ ප්‍රශ්න කිරීම සඳහා දිල්ලියේ පිහිටි බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ මණ්ඩලය (ED) ඉදිරියේ ඔහු අද පෙනී සිටි බවයි.ඔහු වමත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස දක්ෂතා දැක්වූවෙක්.අන්වේෂි ජයින් නම් ඉන්දීය නිළියක සහ සමාජ මාධ්‍යවල ප්‍රකට කාන්තාවක් ද එම නඩුවේ ප්‍රශ්න කිරීම සඳහා අදාළ ආයතනය හමුවේ පෙනී සිට තිබෙනවා.පසුගිය සති කිහිපය තුළ ෆෙඩරල් විමර්ශන ඒජන්සිය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන සුරේෂ් රයිනා, ෂිකර් ධවාන් සහ රොබින් උත්තප්පා මෙන්ම හිටපු ටීඑම්සී පාර්ලිමේන්තු මන්ත්‍රී සහ නළු මිමී චක්‍රබෝර්ති සහ බෙංගාලි නළු අන්කුෂ් හස්රාගෙන් ප්‍රශ්න කර ඇති බවයි එරට වාර්තාවල දැක්වෙන්නේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *