විදුලිබලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනය අනුමැතිය සඳහා හෙට (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පැවසුවේ අද (23) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ පිළිබඳව තීරණය වූ බවය.මේ අනුව 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ 2025.09.21 වැනිදා නිකුත් කළ අංක 2454/68 දරන ගැසට් පත්‍රයේ ජනාධිපතිතුමා විසින් කරන ලද ප්රකාශනය මෙලෙස විවාදයකින් තොරව හෙට දින අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.
අලුත්ම පුවත්
-
රටේ ආරක්ෂාව වෙනුවෙන් උරදුන් සියලුදෙනා වෙනුවෙන් පෙනී සිටින බව ජනපති කියයි.
-
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50,000 ඉක්මවයි.
-
හෙට සිට දින තුනක් වහළ මත ඇති ඒකක 300ට වැඩි සූර්ය පැනල ක්‍රියා විරහිත කරන්නැයි දන්වයි.
-
ජපානයට රික්ටර් මාපක 5.8ක භූචලනයක් .
-
තමිල්නාඩුවේ උපදින සෑම දරුවෙකුටම විජේගෙන් රන් මුදුවක්.
-
මාතරදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී 40කට ආසන්න පිරිසක් රෝහලට.
-
මැලේසියාවෙන් පිටුවහල් කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු කටුනායකදී අත්අඩංගුවට.
-
රඛිත සහ චරිත් ඇතුළු තිදෙනා ජුලි 03 දක්වා රිමාන්ඩ්.
-
ජනපති අනුර ප්‍රංශ සංචාරයකට සැරසෙයි.
-
හිටි හැටියේ රාවණා ඇල්ලේ ජලය වැඩිවෙයි – පවුල් 40කට අනතුරු ඇඟවීමක් .



ප්‍රතිචාරයක් ලබාදෙන්න