යෝෂිතට එරෙහිව තවත් බරපතළ නඩුවක්.!

නාවික හමුදාවේ සේවය කර ලුතිනන්වරයකු ලෙස වැඩ තහනමට ලක් වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ රුපියල් කෝටි ගණනින් අයථා වත්කම් රැස් කිරීම සම්බන්ධව තවත් නඩුවක් ඉදිරියේදී ගොනු කරන බව නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් අද (27) දින සදහන් කළේය.

2006 නාවික හමුදාවට බැඳී 2016 වැඩ තහනමට ලක් වු යෝෂිත රාජපක්ෂ 2013 වසරේ රුපියල් ලක්ෂ 500ක ඉඩමක් මිලදී ගැනීම, CSN නාලිකාව පවත්වාගෙන යමින් මුදල් රැස් කිරීම ඇතුළු තවත් විමර්ශන ගණනාවක් රහස් පොලිසිය සිදු කරන බව නීතිපතිවරයා වෙනුවෙන් ජෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලිප පිරිස් සදහන් කරයි.

ඊට අදාළ නඩු නුදුරේදී අධිකරණයට ගොනු කිරීමට කටයුතු සම්පාදනය කරන බවද නීතිපතිවරයා වෙනුවෙන් ජෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලිප පිරිස් සදහන් කරයි.

රුපියල් ලක්ෂ 340කට අධික වටිනාකමින් යුත් රත්මලාන පෙදෙසේ ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කර ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *