වතු ආශ්‍රිත ජනතාවට ඉදිරියේදී සියලු යටිතල පහසුකම්වලින් සමන්විත මහල් නිවාස ක්‍රමයක් ඉදි කිරීමට සැලසුම් කර ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
වතු ප්‍රජාවගේ නිවාස හා යටිතල පහසුකම් වැඩි දියුණු වෙනුවෙන් පසුගිය 24 වැනිදා වැවිලි මානව සංවර්ධන භාරය සමග වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ කඳුකර ආශ්‍රිතව නාය යෑමේ අවදානම වැඩි බැවින් ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය හරහා නාය නොයන වතු ඉඩම් හඳුනාගෙන එම ඉඩම් ආශ්‍රිතව මහල් නිවාස ඉදිකිරීමට සැලසුම් කරන බවය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න