”කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ” හරිත මාවත” ( Green Channel ) ඔස්සේ පිටව යාමට තැත්කළ ගුවන් මගීන් දෙදෙනෙකු අද (23) උදෑසන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.රුපියල් කෝටි 05කට අධික වෙළෙඳ වටිනාකමකින් යුතු ”කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් මෙම සැකකරුවන් විසින් රැගෙනවිත් ඇති බව සඳහන් වේ.සැකකාරියය කොළඹ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි කාන්තාවකි.අනෙක් පුද්ගලයා ඉන්දියාවේ චෙන්නායි නුවර පදිංච් 48 හැවිරිදි අයෙක් බව අනාවරණය වී ඇත.ඔවුන් මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන, ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත පැමිණ, එතැන් සිට අද අලුයම 06.50 ට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 277 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.ඔවුන් විසින් රැගෙන විත් තිබූ ගමන් මලු දෙකක් තුළ සහ පිටෙහි එල්ලා ගෙන යනු ලබන ගමන් මල්ලක් තුළ ඇසුරුම් 05 ක් ලෙස සකස් කළ ” කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05 යි ග්‍රෑම් 092 ක් තිබී ඇත.මෙසේ අත්අඩංගුවට ගත් “කුෂ්” මත්ද්‍රව්‍ය තොගය සහ ඒවා රැගෙන ආ සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.
අලුත්ම පුවත්
-
අධික උෂ්ණත්වය හේතුවෙන් යාල කලාප දෙකක් වසා දැමීමට තීරණයක්.
-
යෝෂිතගේ අභියාචනා පෙත්සමක් ඉල්ලා අස්කර ගනී.
-
ලබන 15 සිට තායිලන්තයට යන ශ්‍රී ලාංකිකයන්ට වීසා අනිවාර්යයි
-
අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට.
-
නාමල්ට ගෙදරින් කෑම කන්න අවසර.
-
විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු.
-
2026 වසරේ පළමු භාගය තුළ ඉන්ධන ආනයන වියදම් ගැන අගමැතිනියගෙන් හෙළිදරව්වක්
-
22ට එරෙහි තවත් පෙත්සම් 2ක පිටපත් කථානායකට
-
නන්දා මාලනියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විනාඩියක නිහඬතාවක්
-
දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්



ප්‍රතිචාරයක් ලබාදෙන්න