ට්‍රම්ප්ගේ ස්විට්සර්ලන්ත ගමනට බාධා.

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නගරයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා ධවල මන්දිරයෙන් පිටත් වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රැගත් Air Force One ගුවන් යානය, සුළු විදුලි දෝෂයකට ලක්ව තිබේ.

ඒ හේතුවෙන් එම යානය ශාන්ත ඇන්ඩෘස් හමුදා කඳවුර වෙත යළි පැමිණි බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

එම ගුවන් ගමන ආරම්භ කර පැයකටත් අඩු කාලයක් තුළ මෙය සිදුව ඇති බව වාර්තා වෙයි.

අමෙරිකානු බලධාරීන් පවසන්නේ, ජනාධිපති ට්‍රම්ප් වෙනත් ගුවන් යානයක් භාවිතා කරමින් ස්විට්සර්ලන්තය බලා පිටත් වීමට නියමිත බවය.

ඔහු අද දිනයේදී ඩාවෝස්හිදී ලෝක ආර්ථික සමුළුව ඇමතීමටත්, හෙට දිනයේදී ඩාවෝස් නගරයේම ගාසා තීරය සම්බන්ධ සාම මණ්ඩලයක් පිහිටුවීම පිළිබඳව සාකච්ඡා ආරම්භ කිරීමටත් නියමිත බවද වාර්තා වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *