ඕනෑම පිරවුම්හලකින් ඉන්ධන ලබාගන්න ඩිජිටල් ඉන්ධන කාඩ්පතක්.

ඉන්ධන ලබාදීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම සහ එහි විනිවිදභාවය තහවුරු කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නව ඩිජිටල් ඉන්ධන කාඩ්පත් පද්ධතියක් හඳුන්වාදී ඇත.

ඒ අනුව මෙම නව වැඩපිළිවෙළ යටතේ සියලු රජයේ වාහන සඳහා විශේෂිත ඩිජිටල් ඉන්ධන කාඩ්පතක් නිකුත් කෙරෙන අතර එමගින් දිවයින පුරා පිහිටි ඕනෑම ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබා ගැනීමේ හැකියාව ඇත.

රජයේ වාහන සඳහා ඉන්ධන බෙදා හැරීමේදී සිදුවන දූෂණ අක්‍රමිකතා අවම කිරීම, දැනට පවතින ලිපි ලේඛන කටයුතු සීමා කරමින් කාලය ඉතුරු කිරීම රාජ්‍ය ආයනයකම ඉන්ධන භාවිතය ගැන නිවැරදිව නිරීක්ෂණය කිරීමට සහ වාර්තා තබා ගැනීමට ක්‍රමවේදයක් සකස් කිරීම මෙම පද්ධතිය හඳුන්වාදීමේ අරමුණ බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම නව ඩිජිටල්කරණ වැඩපිළිවෙළ හරහා රාජ්‍ය සම්පත් වඩාත් විධිමත්ව කළමනාකරණය කිරීමටත්, ඉන්ධන නාස්තිය අවම කරමින් ජාතික ආර්ථිකයට සහාය වීමටත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව අපේක්ෂා කරන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *