ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ 47 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම අද සිදු කෙරේ.
පසුගිය වසරේ නොවැම්බරයේ පැවති ඇමෙරිකානු ජනපතිවරණයෙන් ඡන්ද විද්‍යාල 312ක බලය හිමිකර ගනිමින් ඔහු ජනපතිවරයා ලෙස තේරී පත්විය.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමග ඇමෙරිකාවේ වයස්ගතම ජනාධිපතිවරයා ලෙස ඔහු ඉතිහාසගත විය. 1946 ජූනි 14දා උපත ලැබූ ඔහු, මේ වන විට 78 වන වියේ පසුවෙයි. දෙවන ධුර කාලය අවසන් වන විට ඔහුගේ වයස අවුරුදු 83ක් වනු ඇත. හිටපු ජනාධිපති ජෝ බයිඩ්න් 2020 වසරේ ධුරයට පත් වන විට 77 වැනි වියේ පසු විය.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දිවුරුම් දීමේ උත්සවය පවතින ශීත අධික කාලගුණික තත්ත්වය හේතුවෙන් එක්සත් ජනපද කැපිටල් හි ගෘහස්ථව සිදුකිරීමට කටයුතු යොදා තිබේ. ඒ සඳහා තමා උපදෙස් ලබා දුන් බව ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිවේදනය කර තිබිණි.
මීට පෙර 1985 දී රොනල්ඩ් රේගන් භාවිත කළ පරිදි මේ කටයුතු ගෘහස්ථව සිදු කෙරෙනු ඇත. එරට වේලාවෙන් දහවල් 12.00 ට ඇමෙරිකානු අගවිනිසුරු ජෝන් රොබට් මහතා ඉදිරියේ මෙම දිව්රුම් දීම සිදු කෙරේ. දිව්රුම් දීමෙන් අනතුරුව නව ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට නියමිතය. ඉන් පසුව ජනාධිපති ට්‍රම්ප් මහතා නිල වශයෙන් ලේඛනයකට අත්සන් තබයි.
ජනාධිපතිවරයා දිවුරුම් දුන් පසුව ඇමෙරිකානු උප ජනාධිපතිවරයා ලෙස ජේ.ඩී. වාන්ස් මහතා ද දිව්රුම් දෙයි. වාන්ස් මහතා ඇමෙරිකාවේ 50 වැනි උප ජනාධිපතිවරයාය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න