පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ සෙනරත් පරණවිතාන පර්යේෂණ හා අධ්‍යයන කෞතුකාගාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ(CID) අවසන් වාර්තාව අධිකරණයට යොමු කරන තෙක් එම කෞතුකාගාරය වසා තැබෙන බව එහි උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් පවසයි.
උපකුලපතිවරයා පැවසුවේ, ප්‍රදර්ශන භාණ්ඩ ලේඛනගත කිරීමේ ක්‍රියාවලියෙන් පසු මෙම කෞතුකාගාරය නැවත විවෘත කරන තෙක් කාර්ය මණ්ඩලයේ සහ මහජනතාවගේ සහයෝගය අපේක්ෂා කරන බවයි.
කෞතුකාගාරයෙන් ඇත් දළවලින් නිමැවූ පුරාවස්තු හතරක් අතුරුදහන්වී ඇති බවට විශ්වවිද්‍යාල ආචාර්යවරයකු විසින් කරන ලද පැමිණිල්ලක් මත අධිකරණ නියෝගයක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වූ බව උපකුලපතිවරයා පවසයි.
එම විමර්ශනය අවසන් කර ඇති අතර වාර්තාව අධිකරණයට ගොනු කිරීමට නියමිතව තිබේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න