හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මෙහෙයවීමෙන් විකල්ප පාර්ලිමේන්තුවක් ස්ථාපිත කිරීමට අදාළ යෝජනාවක් ගැන සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘දේශය’ සඳහන් කරයි.
එම වාර්තාවට අනුව, මෙම විකල්ප පාර්ලිමේන්තුව සඳහා ආරාධනා කරනු ලබන්නේ කළින් පාර්ලිමේන්තුව නියෝජනය කළ, එහෙත් දැනට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන විවිධ පක්ෂවල දේශපාලනඥයන්ටය.
හිටපු මැති ඇමැතින් 450 ක් පමණ මෙලෙස ඇරියුම් ලැබීමට සුදුසුකම් ලබා ඇති බවත්, එහෙත් ඒ අය අතරින් විකල්ප පාර්ලිමේන්තුව සඳහා තෝරාගනු ලබන්නේ 225 දෙනකු පමණක් බවත් වාර්තා වේ.
මාසයේ පාර්ලිමේන්තුව රැස්වන දින 8 හිදී විකල්ප පාර්ලිමේන්තුව ද රැස්වන බවත්, විකල්ප පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨයන් අතරින් ආණ්ඩුවේ අමාත්‍යංශ සංඛ්‍යාවට සමාන ඡායා ඇමැති මණ්ඩලයක් ද පත්කෙරෙන බවත් සඳහන් ය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න