‘ඩුබායි ඉෂාර’ගේ ගෝලයෝ තිදෙනෙක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට.

ඩුබාහි සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ජාවාරම්කරුවකු වන ‘ඩුබායි ඉෂාර’ නමැත්තාගේ මත්ද්‍රව්‍ය අලෙවිකරන සැකකරුවන් තිදෙනෙකු ගම්පොළ පොලිසිය මගින් අද (17) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5ක්ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.

අදාළ සැකකරුවන් යතුරුපැදියක් උපයෝගී කර ගනිමින් ගම්පොළ, නාවලපිටිය, උලපනේ, දොළුව, ගෙලිඔය, පේරාදෙණිය වැලිගල්ල ආදි ප්‍රදේශවලට මෙම හෙරොයින් බෙදා හරිමින් සිට ඇත.

එහිදී ගම්පොළ දොළුව ප්‍රදේශයේදී දෙදෙනෙකුද, ගම්පොළ මහර ප්‍රදේශයේදී එක් අයෙකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගම්පොළ අංගම්මන, තුන්දෙනිය ප්‍රදේශවල පදිංචි මෙම සැකකරුවන්ට කොළඹදී මෙම මත්ද්‍රව්‍ය ලබාදෙන බවට හෙළි වී ඇත.

මොවුන් සියලු දෙනා වයස අවුරුදු 20 හා 22 අතර පසුවන්නන් බව සඳහන්.
 

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *