“වතු ජනතාව“ වෙනුවට “උඩරට දෙමළ ජනතාව“.!

වතුකරයේ ජනතාව හැදුන්වීමට සියවස් දෙකක කාලයක සිට භාවිත කළ “වතු” යන නාමය වෙනුවට උඩරට (මලෛගම්) යන නාමය භාවිතා කිරීමට රජය තීරණය කර ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ රත්නපුර කරපිංච ශාන්ත ජෝකිම් දෙමළ මහා විද්‍යාලයේ පැවති 2025 සබරගමු පළාත් තෛපොන්ගල් උත්සවයට එක්වෙමිනි.

මෙරට වතු ජනතාව ලෙස හදුන්වනු ලබන්නේ ශ්‍රී ලංකාවේ කදුකර ප්‍රදේශ වල තේ වගා කටයුතු සදහා ඉන්දියාවෙන් මීට වසර දෙසිකට පමණ පෙර පැමිණි දෙමළ භාෂාව කතා කරන ජනතාව වන අතර අධිරාජ්‍යවාදීන්ගේ සමයේ සිට මේ ජනතාවට පොදු පහසුකම් ලබා දුන්නේ ඉතාම අවම වශයෙනි.

වසර ගණනාවක සිට තමන් වතු ජනතාව ලෙස පිළිනොගන්නා ලෙසත්, උඩරට දමිළ හෙවත් මලෛගම් ලෙස පිළිගන්නා ලෙසත් රජ්‍ය නොවන සංවිධාන හරහා පැවති රජයන්ගෙන් ඉල්ලීම් කර තිබුණි.

ඔවුන් පවසන්නේ සිංහල ප්‍රජාව අතර උඩරට සිංහල ලෙස පිළිගැනීමක් ඇති නිසා තමන්ටද උඩරට දෙමළ ලෙස පිළිගන්නා ලෙසයි.

උඩරට දෙමළ යන්න දෙමළ බසින් හදුන්වන්නේ මලෛගම් යනුවෙනි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *