කොළඹ බේරේ වැවේ සතුන් මියයෑම සම්බන්ධයෙන් ජල සාම්පල පිළිබඳ පර්යේෂණ වාර්තාව දින තුනක් ඇතුළත ලබා දීමට පියවර ගන්නා බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතන හෙවත් නාරා ආයතනය පවසයි.
එහි පරිසර අධ්‍යන අංශයේ ප්‍රධානී ආචාර්ය ශ්‍යාමලී වීරසේකර මහත්මිය පවසා සිටියේ, අදාළ වාර්තාව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාශය ලබාදීමෙන් අනතුරුව ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිත බවයි.
මේ අතර කොළඹ මහ නගර සභාවේ යෙදූ රසායනික ද්‍රව්‍යක් හේතුවෙන් මෙම සතුන් මරණයට පත්වූ බවට පළවන වාර්තා තහවුරු කළ නොහැකි බව එහි ප්‍රධාන පශූ වෛද්‍ය නිලධාරී මොහොමඩ් ඉජාස් මහතා පැවසීය.
මියගිය සතුන් 25ක් අතරින් සතුන් 7 දෙනෙකුගේ සිරුරු මේ වනවිට හෝමාගම පශු විමර්ශන ඒකකයට යවා තිබෙන බවද හෙතෙම පැවසීය.
කෙසේ නමුත් එහිදී සිදුකළ පරීක්ෂණ අනුව මෙය කුරුළු උණ තත්ත්වයක් නොවන බවට තහවුරු වී ඇති බවද ඔහු පෙන්වා දෙයි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න