ශ්‍රී ලංකා පොලිසියේ නිල යූ ටියුබ් නාලිකාවට සහ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්.!

ශ්‍රී ලංකා පොලිසියේ නිල යූ ටියුබ් නාලිකාවට අනවසරයෙන් ඇතුළුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වාර්තා වී තිබේ.

එමනිසා මේ වන විට එම නාලිකාවට පිවිසීමට නොහැකිවී ඇත.

අපරාධකරුවන් හඳුනාගැනීමට සහ නාලිකාවේ පාලනය යථා තත්ත්වයට පත්කිරීමට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

මේ අතර, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළුවී එහි දත්ත වෙනස් කර ඇත.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර කණ්ඩායම (SLCERT) මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *